April, 29, 2021
හෙට දිනය (අප්‍රේල් 30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා මෙම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර තිබේ.
මේ අතර හෙට දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලය ද පස්වරු 12.30 දක්වා සීමා වනු ඇත.