රථ වාහන සඳහා ලීසිං සීමාව අද සිට 90% දක්වා ඉහළට

    October, 29, 2015

    මෝටර් රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ සීමාව අදාළ මෝටර් රථයේ වටිනාකමින් 90% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

    මේ බව ලීසිං හා කල්බදු පහසුකම් සපයන බැංකු හා මූල්‍ය ආයතන වෙත නිල වශයෙන් දැනුම් දීමට, ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී පියවර ගැනීමට නියමිතය.

    මීට පෙර රථවාහන සඳහා 100% දක්වා ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවුව ද නව රජයේ මූල්‍ය ප්‍රතිපත්තිවල සිදු වූ වෙනස්වීම් හේතුවෙන් එම සීමාව 70% දක්වා අඩු කෙරිණි. කෙසේ වෙතත් පසුව එම සීමාව 90% දක්වා ඉහළ දැමූ බවට වාර්තා පළ වුවද, බැංකු හා මූල්‍ය ආයතන වෙත නිල වශයෙන් ඒ පිළිබඳ දැනුම් දීමක් සිදුකෙරී තිබුණේ නැත.

    Video Story

    Stock Market

    Exchange Rates