May, 12, 2021
ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම වන ප්‍රයිම් සමූහය සිය පාරිභෝගික සබඳතා විශිෂ්ටත්වය යලිත් තහවුරු කරමින් 10 වන ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගැනීමට සමත් විය. ප්‍රයිම් සමූහය විසින් පසුගිය වසරේ දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ යන පාරිභෝගික සබඳතා ප්‍රවේශය මෙලෙස ඇගයීමට ලක් විය. විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි වඩාත් ආකර්ෂණීය සහ අති සාර්ථක පාරිභෝගික සබඳතා ප්‍රවේශයන් වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ACEF සම්මාන උළෙලේදී බුහුමනට ලක් කෙරේ.
ප්‍රයිම් සමූහය විසින් දිනා ගන්නා ලද නවතම ගෝලීය ජයග්‍රහනය පිළිබඳව අදහස් දක්වන ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා “පසුගිය වසරේදී අනපේක්ෂිත අභියෝග රැසකට සියලු ශ්‍රීලාංකිකයින්ට මුහුණ දෙන්නට සිදු වූ අතර අපගේ ජීවන රටාව සහ සිතුම් පැතුම් කවර දිශාවකට ගමන් කරනු ඇතැයි යන්න පවා සිතා ගැනීමට නොහැකි වුනා. ජාතික ව්‍යසනයන්හිදී සියලු ශ්‍රී ලාංකිකයින් එකමුතුව එම ව්‍යසනයට ගොදුරු වූ සියලුදෙනාට එම විපතෙන් මිදීම සඳහා සහානුකම්පාවෙන් උපකාර කිරීම මේ ගෝලීයවසංගතය තුලද අපට දකින්ට ලැබුණා. මෙම සාරධර්මය පෙරදැරිව අප විසින් දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ පාරිභෝගික සබඳතා ප්‍රවේශය යහපත් පරමාර්ථයෙන් සිදු කරන ක්‍රියාවක ප්‍රතිඵලය ද යහපත් බව සනාථ කළ උදාර අවස්ථාවක් බව මාගේ විශ්වාසයි. ප්‍රයිම් සමූහය ලෙස අප මෙම උතුම් දර්ශනය පිළිබඳව දැඩි ව විශ්වාස කරමින් මෙම නව සාමාන්‍යකරණය තුළ ශ්‍රම බලකායේ නිරන්තර වෙනස්කම් සහ පාරිභෝගික සබඳතා උපායමාර්ගයන් වෙත ප්‍රවේශ විය යුතු සාධනීයම ස්වභාවය හඳුනා ගැනීමට සමත් වී තිබෙනවා” යනුවෙන් පැවසීය.
ප්‍රයිම් සමූහය ACEF ගෝලීය පාරිභෝගික සබඳතා සම්මාන උළෙලේදී ඩිජිටල් අලෙවිකරණයේ සාධනීය බලපෑමක් සිදු කළ කාණ්ඩයේ රජත සම්මානය (effectiveness of Digital Marketing) දිනා ගත් අතර වඩාත් නිර්මාණශීලී සහ සාධනීය සමාජ බලපෑමක් සිදු කළ සමාජ පණිවිඩ කාණ්ඩයේ (creativity and effectiveness under the Most Admired Social Message category) ලෝකඩ සහ රජත සම්මාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් වූහ. ප්‍රයිම් සමූහය විසින් දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ පාරිභෝගික සබඳතා ප්‍රවේශය මගින්, බිඳලීමට නොහැකි සහානුකම්පිත මනුශ්‍යත්වයෙහි උත්තුංග භාවය පිළිබඳ ශක්තිමත් ධානාත්මක පණිවිඩයක් සහ ක්‍රියා පිළිවෙතක් ශ්‍රීලාංකීය සමාජයට ලබා දුන් අතර අනාගතයේදී එය ඵලදැරූ ආයෝජනයක් බවට පත් විය. අසම සම පාරිභෝගික සබඳතාවක් පවත්වා ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන ආයතනයක් ලෙස ප්‍රයිම් සමූහය නිරතුරුව සිය ව්‍යාපාරයට පමණක් නොව එම ව්‍යාපාරය පිටුපස සිටින ජනතාව ජීවත් කරවීමට ද විශාල සමාජ ආයෝජනයක් සිදු කරනු ලබයි.
යහපත් සිතුවිලි විකසිත කළ මෙම පාරිභෝගික සබඳතා ප්‍රවේශය ශක්තිමත් සමාජ අත්හදාබැලීමක් වූ අතර මීට සහභාගී වෙමින් කණ්ඩායම් අතර නිරන්තර සබඳතා පැවැත්වූ සෑම අයකුටම මෙමගින් ප්‍රතිලාභ හිමි වූයේ, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අනාගතයේදී ඵලදායි ආයෝජනයක් හිමි වන බව සනාථ කරමින්ය. මෙම පාරිභෝගික සබඳතා ප්‍රවේශය උදෙසා නිර්මාණය කළ ඩිජිටල් විඩියෝව සමාජ මාධ්‍ය ජාලයන්ට නිකුත් කිරීමෙන් පැය 8ක් තුළ ප්‍රේක්ෂකයින් මිලියනයකගේ ආකර්ෂණයට නතු වූ අතර සමාජ අත්හදා බැලීමක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වූ විඩියෝවක් මේ ආකාරයෙන් ප්‍රේක්ෂක අවදානයට නතුවූ පළමු අවස්ථාව මෙය විය. එමෙන්ම මීට අනුමත කිරීම් (likes) 99,000ක් සහ 20,000 වාරයක් මෙම විඩියෝව විවිධ සාමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් සංසරණය (shares) කරන ලදි.
ලෝකයම ගෝලීය වසංගතයකට මුහුණ දී සිටින මෙබඳු තීරණාත්මක සන්ධිස්ථානයක වූවද ප්‍රයිම් සමූහය විසින් දියත් කළ ‘හොඳ කියන්නෙත් හොඳ ආයෝජනයක්’ යන පාරිභෝගික සබඳතා ප්‍රවේශය තුළින් මිනිසුන් තුළ උතුම් මිනිසත් ගුණාංගයන් තවමත් ජීවමානව ඇති බව හඳුනාගන්නට හැකි විය. මිහිකතෙන් හොඳම තැනක් පාරිභෝගිකයින්ට ලබා දීමට නිරතුරුව කැපවී සිටින සන්නාමය ලෙස ප්‍රයිම් සමූහය සිය ඩිජිටල් මාධ්‍ය ශක්තිය ඵලදායීව යොදා ගනිමින් වඩාත් නව්‍ය සංවේදී සමාජ පණිවිඩයක් ලබා දීමට මෙම පාරිභෝගික සබඳතා වැඩසටහන තුළින් දැරූ ප්‍රයත්නය සාර්ථක වී ඇත.
2012 වසරේ ආරම්භ කළ ACEF සම්මාන උළෙල ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසන වෘත්තිකයින්ගේ එකමුතුවෙන් සංවිධානය කරනු ලබන අතර ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන සන්නාම අලෙවිකරණය සහ දැන්වීම්කරණයෙහි නිරත වෘත්තිකයින් සහ ආයතන රැසක් මෙහි උපදේශන සමාජිකයින් ලෙස කටයුතු කරයි. ACEF වැඩසටහන් මගින් ආයතනයන්හි සන්නාමයන්, අලෙවිකරණය, ආයතනික සමාජ වගකීම්, දේපල ( සංචාරක සහ දේපල වෙළෙඳ), ග්‍රාමීය අලෙවිකරණ සහ මානව සම්පත් යන අංශයන් ආවරණය කරයි. මෙම සම්මාන උළෙල මගින් නිරන්තරව සිදුවන සංස්තෘතික සහ තාක්ෂණික වෙනස්කම් හමුවේ කලාපයේ සමාගම් සිය සන්නාම අලෙවිකරණය සහ එම වෙනස්කම් හමුවේ තිරසාරව සිය සන්නාමයන් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව ඇගයීමක් සිදු කොට විශිෂ්ටතම සාමාගම් සඳහා වාර්ෂිකව සම්මාන පිරිනමයි. ගල්ෆ් ආර්ථික සහයෝගීතා කලාපය , ආසියානු පැසිෆික් කලාපය , ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සමාගම් ACEF වැඩසටහන් මගින් ආවරණය කෙරේ.
Video Story