November, 9, 2015
විදුලිය නිෂ්පාදනය, බෙදාහැරීම හා භාවිතය උසස් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් කාර්යක්ෂම කිරීම මඟින් ජාතික ආර්ථිකයට විශාල ලෙස ප්‍රතිලාභ අත්පත් කර දීමේ අරමුණින් යුතුව දේශීය විදුලිබල පද්ධතියට ස්මාර්ට් විදුලි මීටර හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපිලයල් මිලියන 49.2 ක වියදමකින් දේශීය වෙළෙඳපොළට අවශ්‍ය ස්මාර්ට් විදුලි මීටර නිෂ්පාදනය කොට සංවර්ධනය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ඇරඹීම පිණිස, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ස්මාර්ට් විදුලි මීටර භාවිතය තුළින් විදුලිය ඉල්ලුම වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට උපකාරී වනවා සේම විදුලිය පරිභෝජනය ස්වෙච්ඡාවෙන් පාලනය කරගැනීමට පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම, දුරස්ථ වායු සමීකරණ ඇති යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම ආදී සේවාවන් ද සපයයි.