November, 9, 2015
සුළු පරිමාණ තේ හා රබර් වගා ක්ෂේත්රයේ පුනර්ජීවන වැඩසටහනක් ආරම්භ කර තිබේ. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ මූල්‍යාධාර ඇතිව රජය විසින් මෙය ක්‍රියාවට නංවා තිබේ.
මෙම වැඩසටහන යටතේ මාතර, ගාල්ල, රත්නපුර, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රක්කවල දැනට වගා කර ඇති ඉඩම් හෙක්ටයාර 5,500 ක තේ ඵලදාව වැඩි කරගැනීමට සහාය වීමට බලාපොරොත්තු වේ. එමෙන්ම මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල නව රබර් වතු හෙක්ටයාර 3,000 ක රබර් ඵලදාව වැඩි කර ගැනීමට ද මෙම වැඩසටහන දායක වනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 65.4 කි. ඉන් ඩොලර් මිලියන 25.7 ක් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් සපයනු ලැබේ.