November, 11, 2015
ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන විකුණුම් මිල රු. 144 සීමාව අද දින පසු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 144.17 ක් වශයෙන් අද දිනයේ දී සටහන් වී තිබිණ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ BIZ කළ විමසීමක දී මුදල් තැරැව්කාර සමාගමක නියෝජිතයෙකු අප හා කියා සිටියේ ඩොලරයේ විකුණුම් මිල රු.144 සීමාව ඉක්මවා ගිය ද එම මිලට ගනුදෙනු සිදු නොවූ බවයි.