November, 12, 2015
සම්පත් බැංකුව විසින් රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දින ආරම්භ කරන ලද ණයකර නිකුතුව, පැවති අධි දායකත්වය හේතුවෙන් පස්වරු 4.30 ට අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.
රුපියල් 100 ක මුහුණත වටිනාකමකින් යුත් ණයකර මිලියන 50 ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට මෙහිදී කටයුතු යොදා තිබූ අතර, නිකුතුව සඳහා අධි දායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට බැංකුව සැලසුම් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ සමාගම් ලේකම්වරුන් කියා සිටින්නේ අද දිනය තුළ දී රුපියල් බිලියන 7 ක් ඉක්මවූ අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී තිබෙන බවයි. එබැවින් ආරම්භක දිනයේ දීම නිකුතුව අවසන් කිරීමට කටයුතු යොදා ඇත.