November, 3, 2021
මෙරට ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මෙරට විශාලතම සමාගම බවට පත්ව තිබේ. ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම බවට කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් මෙලෙස අංක එකට පැමිණියේ එම ස්ථානයේ මෙතෙක් වැජඹුණු එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් දෙවැනි කරමිනි.
අද (03) මධ්‍යහ්නය වන විට කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටසක මිල රු. 71.20 ක් දක්වා ඉහළ මිලකට ගනුදෙනු වූ අතර ඒ අනුව සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 454 ක් ඉක්මවා ගොස් තිබුණි.
මෙහි ඇති විශේෂත්වය නම් සිය මව් සමාගම වන LOLC හෝල්ඩිංග්ස් අභිබවා යාමට ද කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි මේ අනුව සමත්ව තිබීමයි. තවද රු. බිලියන 450 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියූ මෙරට පළමු මූල්‍ය සමාගම බවට ද කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පත්ව ඇත. එසේම මෙරට ලැයිස්තුගත සෙසු සියලු බැංකු සහ මූල්‍ය සමාගම්වලට වඩා වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විශාල සමාගමක් බවට පත්ව තිබේ.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 13 පහත පරිදි දැක්විය හැකිය.

Video Story