කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබැස්මක්

    November, 9, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (09)දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට ලක්විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 259.60 කින් හෙවත් 2.44% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 59.87 කින් හෙවත් 1.64% කින් පහළ යන ලදී.

    ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,361.80 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 3,590.07 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    කෙසේ වෙතත් අද දිනයේ දී රු. බිලියන 12.21 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

    පසුගිය දින කිහිපය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබාදුන් කොමර්ෂල් ලීසිං, LOLC  ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් වැනි සමාගම්වල කොටස් මිල අද දිනයේ දී සීඝ්‍රයෙන් පහළ වැටීම මෙලෙස සමස්ත වෙළෙඳපොළ කඩා වැටීමට හේතු වී තිබේ.

    අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ දායකත්වයක් ලබාදුන් සමාගම් කොටස් පහත පරිදි වේ.