November, 12, 2021
නව ව්‍යවසාය ඇරඹුම්වලට (Startups) උත්තේජනය සැපයීම අරමුණු කරගෙන වසර 2022 වසර පමණක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (12) දින සිය අයවැය කතාව සිදුකරමින් ප්‍රකාශ කළේය.
“සේවා ආර්ථිකයේ අවස්ථාවන් උපරිම ඵලදායිතාවයකින් භාවිතයට ගනිමින් නිෂ්පාදන ආර්ථිකයක් වෙත වැඩි බරක් තැබීම කෙරෙහි ශ්‍රී ලංකාව වහාම ගමන් කළ යුතු වෙනවා. මෙරට උගත් තරුණ පරම්පරාව රැකියා සොයා යන මානසිකත්වයෙන් මුදවාගෙන ව්‍යවසායකයි හා රැකියා සපයන්නන් බවට පත් වීමේ ප්‍රවණතාවයක් අප විසින් නිර්මාණය කළ යුතුයි. ඒ අනුව, නව ව්‍යවසාය ඇරඹුම්වලට (Startups) උත්තේජනය සැපයීම අරමුණු කරගෙන වසර 2022 වසර පමණක් සඳහා ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට යෝජනා කරනවා.“
මීට අමතරව ව්‍යාපාර ලියාපදිංචියේ දී, ආයෝජන මණ්ඩලය හා විනිමය කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන දැනට අනුගමනය කරන සංකීර්ණ ක්‍රමවේදයන් සරල කිරීමටත්, ඒ සඳහා විවිධ ආයතනවලින් අය කෙරෙන ගාස්තු ඒකාබද්ධ කිරීමටත්, මුදල් පනතට නව සංශෝධන එක් කළ යුතු යැයි යෝජනා කරනු ලබන බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
Video Story