ඉහළ ආදායම් ලැබූ සමාගම්වලට සියයට 25 ක අධිභාර බද්දක්

    November, 12, 2021

    2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාරය (Tax surcharge) බද්දක් අය කිරීමට යෝජනා කරනු ලබන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේ දී ප්‍රකාශ කළේය. එසේම මෙම බද්ද මඟින් රුපියල් බිලියන 100 ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනු ලබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.