ETF, EPF යොදා ගෙන ඇප නැතිව ණය දෙන ක්‍රමයක් රවී කියයි

    November, 20, 2015

    ව්‍යාපාර ඇරඹීම සඳහා ඇප වශයෙන් තැබීමට වත්කම් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම් (equity financing facility) සැපයීමට අරමුදලක් පිහිටුවනු ලබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2016 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “යම් දීප්තිමත් අදහසක් ඇති ව්‍යාපාරිකයෙකුට සිය ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ඇප වශයෙන් තබන්න වත්කම් නොමැති අවස්ථාවල දී, ඔවුන්ට අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම් (equity financing facility) සැපයීමට බැංකු රක්ෂණ සමාගම්, සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල (ETF) සහ විදේශ අරමුදල් යොදා ගනිමින් අරමුදලක් ඇති කරමින් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට යෝජනා කරනවා. එසේම අන්තර්ජාතික අරමුදල් වෙත මේ හා සම්බන්ධ වන ලෙස මා ආරාධනය කර සිටිනවා.“