November, 15, 2021
සිය යහපාලන ආණ්ඩු සමයේ දී රජයට අවශ්‍ය තරම් ඩොලර් තිබුණු බවත්, අද වන විට ආණ්ඩුවට ඩොලර් නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අද (15) දින පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට ඒක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
"ආණ්ඩුවේ අපේක්ෂිත ආදායම දැනටමත් ආණ්ඩුව පිළිඅරන් තිබෙනවා ලැබෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව කතාවේ මුලින්ම තියෙනවා, පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන පනත අනුමත කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා රාජ්‍ය ආයතනවලට වියදම් කිරීමට මුළු වර්ෂය සඳහා දෙනු ලබන විවෘත බලය, ඇනුවල් වොරන්ට් එක කාර්තුවෙන් කාර්තුවට මුදල් වෙන්කරනවා කියන්නේ ආණ්ඩුවට ආදායම ගැන විශ්වාසයක් නැහැ. මේකෙන්ම පේනවා ආණ්ඩුවේ අස්ථාවරභාවය. ඒවගේම අයවැයක් ඉදිරිපත් කෙරුවා. රටේ තියෙන දැවෙන ප්‍රශ්න දෙකටම උත්තර තියෙනවාද? එකක් තමයි මේ ඩොලර් ප්‍රශ්නය. අපේ යහපාලන ආණ්ඩුව තියෙනකල් ඩොලර් ඕනෑ තරම් තිබුණා. අද ඩොලර් නැහැ. බැංකුවට කතා කෙරුවාම ලැජ්ජයි කියන්න. එක බැංකුවක් කිව්වා ඩොලර් සීයයි බැංකුවේ තියෙන්නේ කියලා. එතකොට ඩොලර් ප්‍රශ්නයට උත්තරයක් තියෙනවාද?"
Video Story