November, 30, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ (29) දින ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 4,999.31 ක් හෙවත් රු. ට්‍රිලියන 4.99 ක් ලෙසින් වාර්තා විය.
මෙය මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම වේ.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත. මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
Video Story