රන් මිලෙහි සුළු අඩුවීමක්. පවුමක මිල මෙන්න

    November, 30, 2021

    අද (30) දින කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 107,800 ක් ලෙසින් වාර්තා වේ.

    මීට අමතරව කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 116,500 ක් ලෙසින් සටහන්ව ඇත.

    මෙය ඊයේ (29) දිනයට වඩා සුළු මිල අඩු වීමකි.

    පෙර දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 108,300 ක් හා කැරට් 24 රන් පවුමක මිල රු. 117,000 ක් ලෙසින් වාර්තා වී තිබුණි.