නොවැම්බරයේ දී ඩොලර් මිලියන 678 කින් විදෙස් මුදල් සංචිතය අඩුවෙලා

    December, 9, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවන්ට අනුව 2021 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,269.2 ක්ව තිබූ අතර අද (09) දිනයේ දී රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ 2021 නොවැම්බර් මාසයේ දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 1,587 ක් බවයි.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 682.2 කින් පහත ගොස් තිබේ.

    එහිදී 2021 ඔක්තෝබර් මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,687.7 ක්ව පැවති විදේශ විනිමය සංචිතය නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 678.2 කින් අඩුවී තිබේ.

    අද (09) දින රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ නොවැම්බර් මාසය අවසානයේ දී පැවති විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 1,009.5 ක් බවයි.

    මේ අනුව නොවැම්බර් මාසය අවසානයේ දී පැවති නිල සංචිත වත්කම් සංයුතිය පහත පරිදි වේ.

    නිල සංචිත වත්කම් ඇ. ඩොලර් මිලියන 1,587 යි.

    එයින්,

    විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 1,009.5 යි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67 යි

    විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2 යි

    රත්‍රං ඇමරිකානු ඩොලර් මිලියන 382.2 යි

    අනෙකුත් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.1 යි

    2021 ඔක්තෝබර් මාසය අවසානයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් සංයුතිය පහත පරිදි විය.