November, 25, 2015
වසරකට රුපියල් මිලියන 25 කට වඩා ආදායම් බදු ගෙවන පුද්ගලික බදු ගෙවන්නන් හට මෙවර අයවැයෙන් විශේෂ වරප්‍රසාද කිහිපයක්ම ලබාදීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබේ.
ගුවන්තොටුපල තුල දී VIP පහසුකම් ලබාදීම, රජයේ රෝහල් හා ආයතන තුල දී ප්‍රමුඛතාවය ලබා දීම ඒ අතර වේ.
මීට අමතරව රජයේ උත්සව අවස්ථාවලදී විශේෂයෙන් ආරාධනා කිරීම, වසරකට වරක් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් හමුවීමට විශේෂ අවස්ථාවක් ලබා දීම වැනි පහසුකම් සැලසීමට ද පියවර ගනු ලැබේ.
තවද ඔවුන් වෙනුවෙන් බදු උපදේශන සේවාවක් ලබා දෙනු ලබන අතර දක්ෂ නිලධාරීන් සිටින උපකාරක කවුළුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුල ඇති කිරීමට කටයුතු කරනු ඇත.
Video Story