December, 11, 2021
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති සංජය මොහොට්ටාල මහතා, අදාළ රාජකාරිවලින් තමන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම ආයෝජන මණ්ඩලය සඳහා නව නායකත්වයක් පත්කරන ලෙස ද ඔහු වැඩිදුරටත් එහිදී ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ.
අතිගරු ජනාධිපතිතුමා සමඟ මේ සතියේ පැවැත් වූ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා සිය දූරයෙන් ඉවත් වීමේ බලාපොරොත්තුව නැවතත් ජනාධිපතිතුමාවෙත ඉදිරිපත් කර තිබිණි.
පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික පරිවර්තනයට දායකවීමට විදේශ ආයෝජන ප්‍රවර්ධනය නොකඩවා කරගෙන යෑම සඳහා කල ඉල්ලීම පිළිබඳවත්, තමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය කෙරෙහි ඉහළම විශ්වාසයක් තැබීම පිළිබඳවත්, තමන් කෘතඥ වන බවද සභාපතිතුමා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, සභාපතිතුමා තම රාජකාරිවලින් නිදහස් වීමට ඇති කැමැත්ත අතිගරු ජනාධිපතිතුමාට නැවත්ත ඉදිරිපත් කර ඇත අතර, දශකයක් තුල දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කර ඇති දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජකයින්ට ලබා දෙන සේවාවන් තවදුරටත් තීව්ර කිරීමට දැනටමත් ගෙන ඇති ප්‍රයත්නයන් දිගටම කරගෙන යාමට නව නායකත්වයක් පත් කරන ලෙස ඔහු තව දුරටත් ඉල්ලා සිටියේය.
ආයෝජන මණ්ඩල සභාපති, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිපදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට පසුගිය සතියේ දී තීරණය කර තිබුණ ද අදාළ ඉල්ලා අස්වීම් භාරගැනීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.
Video Story