December, 13, 2021
වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත් පත වාර්තා කර සිටී.
ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව Economic Times වැඩිදුරටත් වාර්තා කර සිටී.
Video Story