December, 13, 2021
රටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ.
ස්විඩන් විදේශීය ආධාර ක්‍රමය යටතේ සම්පූර්ණව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය 30 අවුරුදු බදු පදනමක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක මුදලකින් සංවර්ධනය කෙරේ.

මේ පිළිබඳ වන අවබෝධතා ගිවිසුම පසුගිය දා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අත්සන් කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, ස්විඩන්හි අවුට්ඩෝර් ඉංජිනියරින් සමාගමේ සභාපති හා අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක ඔස්බෝල් ගාබර් යන මහත්වරු සහභාගී වී සිටියහ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මඟින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ට සුව පහසුව සහ විනෝදාස්වාදය මෙන්ම සියලු පහසුකම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. නුවරඑළියේ ක්‍රියාත්මක කෙරෙන අනෙක් සංවර්ධන ව්‍යාපෘති මෙන් ම මෙම ව්‍යාපෘතිය ද දෙස්, විදෙස් සංචාරකයින්ගේ වැඩි අවධානයක් හිමිකරගනු ඇති බව අපේක්ෂා කෙරේ. එමෙන් ම මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන දීමට ද සමත් වෙනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විශ්වාස පළ කරයි.
නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත් ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණවලින් නැරඹීමටත් අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණයි. සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බොහෝ රටවල මෙවැනි කේබල් කාර් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයට සංචාරකයින් බහුලව ආකර්ෂණය කරගැනීමට ද ඉවහල්වන බව නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
සියලු සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන සහ මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ. ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වන විට සකස් කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ මෙය ඉතා වටිනා අමරණීය අවස්ථාවක් බවට පත් වීම නිසැකව ම සිදු වන බවයි.
“අද මෙම ව්‍යාපෘතිය සඳහා තබන අත්සන්වලින් මේ රටට උදා වන්නේ සුබ කාලයක්. අද දින අත්සන් තබන මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය සියලු හවුල්කරුවන් මෙවැනි දැවැන්ත සංවර්ධන කටයුතු කිරීමේ පළපුරුද්ද හිමි අයයි. ඔවුන් සියල්ලන්ගේම අත්දැකීම් වසර 20 ක් 25 ක් තරම් දුරට විශාලයි”, යනුවෙන් ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේය.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කළේ නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය ලංකාවේ සංචාරක කර්මාන්තය සහ ලංකාවේ ආර්ථිකය නැවත ඔසවා තබන ව්‍යාපෘතියක් වන බවයි.
“මේ ව්‍යාපෘතිය විශේෂයි. ඒ රටේ මහා භාණ්ඩාගාරයට බරක් නොවී දේශීය ආර්ථිකයට බරක් නොවී විදේශීය ආයෝජකයන් ගලාගෙන එන ව්‍යාපෘතියක් වීම නිසයි. සංචාරක මණ්ඩලය සහ සංචාරක අමාත්‍යාංශය තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය පාර්ශ්වකරුවෙකු හැටියටයි සම්බන්ධ කරගන්නේ. මේ සඳහා අවශ්‍ය සැලසුම් සහ වටපිටාව සකස් කිරීමේ වගකීම භාරගනිමින්. විශේෂම දේ පරිසරය රැක ගනිමින් පරිසරයේ අනන්‍යතාවය රැක ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලුත් දෙයක් එකතු කරමින් සංචාරක කර්මාන්තය දියුණු කරන විශේෂ ව්‍යාපෘතියක් ලෙස නානුඔය සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 04 ක් සහ අදියර 02 කින් කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදි කිරීම මෙහි මූලික සැලසුමයි. මාස 18 ක් වගේ කෙටි කාලයකින් එම ව්‍යාපෘතිය අවසන් කරනවා. මේ වන විට ව්‍යාපෘතියට අවශ්‍ය පාරිසරික ඇගයීම් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ පරිසරයට සම්බන්ධ සියලු ආයතනවල එකතුවෙනුයි මේක කරන්නේ. ඒ නුවරඑළියේ පවතින පරිසරයට කිසිදු හානියක් නොවන ආකාරයට. මේ සඳහා දේශීය, විදේශීය නව තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි. මේ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක ආයෝජනයක් සිදු කරනවා. මේ ව්‍යාපෘතිය ඉදිරි අනාගතයට ඉතා වැදගත් වේවි. මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් එකක් වන බව කිව හැකියි. ඒ අනුව මෙය ඉතාමත් වටිනා ව්‍යාපෘතියක් බව කිව යුතුයි”, යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.
Video Story