December, 13, 2021
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. මිලියන 120,000 ක හෙවත් රු. බිලියන 120 ක (රු. කෝටි 12,000 ක) ලංසු පිළිගැනීමට තීරණය කර තිබේ.
මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 231,145 ක ලංසු ඉදිරිපත්ව තිබිණි.
2025, 2027, 2029 හා 2031 යන වසරවල කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 4 ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකර ඇත.
මීට අදාළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Video Story