රුපියල රැකගන්න මහ බැංකුව ඩොලර් විකුණුවේ මෙහෙමයි

    December, 14, 2021

    දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

    මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 61.71 ක් මිල දී ‌ගෙන තිබේ.

    කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ  නොවැම්බර් මාසය තුළ දී මහ බැංකුව සතුව තිබූ ඩොලර් මිලියන 372.35 ක් විදේශ විනිමය වෙළෙඳපොළේ විකුණා ඇති බවයි.

    මේ අනුව ශුද්ධ වශයෙන් ‌ඩොලර් මිලියන 310.64 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ අලෙවි කොට ඇත.