November, 26, 2015
පසුගිය සැප්තැම්බර් මස අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6.8 ක් ලෙසින් වාර්තා කළ දළ නිල සංචිත ප්‍රමාණය 2015 නොවැම්බර් 03 වැනි දින වන විට ඩොලර් බිලියන 8 දක් වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. 2015 නොවැම්බර් මස මුදල් ප්‍රතිපත්ති විවරණය එළිදක්වමින් මහ බැංකුව මේ බව අනාවරණය කර ඇත.
මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 8.1% කින් අවප්‍රමාණය වී ඇති බවයි. මේ අතර දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තවදුරටත් තීරණය කර ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6% ක් හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7.5% මට්ටමේ නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර ඇත.
මහ බැංකුවේ මෙම නවතම දත්ත වාර්තාව අනුව වැඩිදුරටත් සඳහන් වන්නේ 2015 සැප්තැම්බර් මාසය තුළ දී ආනයන වියදම් පහළ යෑම, අපනයන වියදම් පහළ යෑමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 733 ක් දක්වා 4.1% කින් අඩු වී ඇති බවයි. තවද වසරේ පළමු මාස 10 තුළ දී සංචාරක අංශයේ ඉපැයීම් 17.9% කින් වර්ධනය වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
Video Story