රු. මිලියන 410 කට SLT Campus විකුණයි

    December, 15, 2021

    SLT Campus (පුද්) සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබේ.

    SLT Campus යනු ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමකි.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ Tempest Two (පුද්) සමාගම වෙත SLT Campus (පුද්) සමාගමේ 100% ක කොටස් අයිතිය අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි.

    අදාල ගනුදෙනුවේ වටිනාකම රු. මිලියන 410 ක් වේ.