සීෂෙල්ස් වෙත ශ්‍රීලංකන් ගුවන් ගමන් යළි ඇරඹෙයි

    December, 17, 2021

    සීෂෙල්ස් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතා විසින් 2021 දෙසැම්බර් මස 12 වන ඉරිදා දින ශ්‍රීලංකන් ගුවන් සේවයේ අංක UL 707 දරන ගුවන් යානය සීෂෙල්ස් ජනරජය වෙත පිළිගනු ලැබී ය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම මාස 21 කට පසු කොළඹ හරහා ගෝලීය මාර්ග ජාලයට සම්බන්ධ වෙමින් සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත.

    2020 මාර්තු මස 16 වන දින සීෂෙල්ස් වෙත ආපසු යාමත් සමඟ ශ්‍රීලංකන් සිය ගුවන් ගමන් මෙහෙයුම් නතර කරනු ලැබූ අතර සතියක් පාසා සෑම ඉරිදාවක ම ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර ඇත.

    විශේෂඥ වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීෂෙල්ස් ජාතිකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බවට ප්‍රසිද්ධය.