ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්

    December, 22, 2021

    ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කෙරේ.

    Lighting Digital Capacity Building Drive ලෙස නම්කර ඇති මෙම වැඩපිළිවල ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දියත්කෙරිණි.

    පුළුල් වැඩපිළිවලක් මගින් රටෙහි  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි. මෙයට සමගාමීව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය අංශය සහ පුරවැසියන්ගේ ඩිජිටල් භාවිතාව පුළුල් ලෙස වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුකරමින් වැඩසටහන් රැසක් දියත්කර තිබේ.

    මෙම වැඩපිළිවල දියත් කිරීමේ සමාරම්භය පසුගිය 21 දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර ඊට තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක, එහි ප්‍රධාන විධායක නිලධාරී, ඉංජි. මහින්ද බී හේරත් මහතා ඇතුළු පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආරාධිතයින් රැසකගේ සහභාගී වුහ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සුහුරු (smart ) ජාතියක් ගොඩනැගීමේ ජාතික දැක්මට අනුකූලව, රාජ්‍ය අංශය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇතිකිරීම තුලින්  ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමේ  දැක්මෙන් කටයුතු කරයි. මෙමගින්  කාර්යක්ෂම සහ ඵලදායී රාජ්‍ය සේවා සැපයීම සහතික කිරීමත්, තාක්ෂණය පදනම් සමාජයකට උචිත ශ්‍රම බලකායක් බිහිකිරීමත් ඒ සදහා සුහුරු SMART අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමත්  සහ ඩිජිටල් සමාජයක ප්‍රතිලාභ ලබා ගැනීමට පුරවැසියන් සවිබල ගැන්වීමත් අපේක්ෂා කෙරේ.

    Lighting Digital Capacity Drive වැඩසටහන තුලින්  ඒ සදහා කැපවූ  සම්පත් දායකයින් හා   රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ හවුල්කාර ආයතන වෙත උපහාර දැක්වීම මෙහිදී සිදුවිය .

    මෙහිදී  අධ්‍යාපන සම්බන්ද ක්‍රියාවලියේදී  ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ප්‍රධාන සැලසුම්, උසස් අධ්‍යාපනය සඳහා පරිවර්තන වැඩසටහනක්, ඩිජිටල් අධ්‍යාපනය සඳහා කර්මාන්ත සමඟ අන්තර් ක්‍රියාකාරී ජාලයක් ස්ථාපිත කෙරින. එමෙන්ම  ජාතික නිපුණතා රාමුවක් සහ වේදිකාවක් වැනි බලපෑම්කාරී මුල පිරීම් කිහිපයක් ද ආරම්භ කර ඇත.

    ඒ හා සමගාමිව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය , ICTA  විසින්  හැකියාවන් වර්ධනය  කිරීමේ  ක්‍රියාන්විතයක්  ආරම්භ කර ඇති අතර එමගින් සෑම තරාතිරමකම ශ්‍රම බලකාය සවිබල ගන්වනු ලැබේ .

    මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සදහා  රාජ්‍ය අංශයේ ආයතන තුළ පිහිටුවා ඇති ප්‍රධාන ඩිජිටල් තොරතුරු නිලධාරි ක්‍රියාකාරිත්වය  (CDIO) සවිබලගන්විමද සිදුකෙරේ . තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රජයට හදුන්වාදී ඇති ඩිජිටල් ක්‍රියාකාරී  ආකෘතිය  ඔවුන්ගේ ඩිජිටල් රාජ්‍ය පරිවර්තන ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීමට ඉදිරි මාවත සලසා දෙනු ඇත. NextGenGov  නමින් ආරම්බකර ඇති වැඩසටහන   රාජ්‍ය නිලධාරීන්  කඩිනම්ව ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට අනුගතකිරිම සදහා  ඉලක්ක කර ගනිමින් ආරම්භ කර ඇත.

    ඩිජිටල් තාක්‍ෂණයන් කාර්යක්ෂමව යොදා ගනිමින් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය සහ ජීවනෝපාය ඉහළ නැංවීමට  ICTA දරන උත්සාහයට විවිධ  පාර්ශව  දායකත්වය දක්වති. ජාතික ඩිජිටල් පුරවැසි මුලපිරීම මගින් පුරවැසියන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම, ඩිජිටල් ශ්‍රම බලකාය තුළ කාන්තා දායකත්වය ඉහළ නැංවීම සහ ඩිජිටල් හැකියාව ඇති සහ සූදානම් තරුණ තරුණියන් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.ඊට  රජය, කර්මාන්ත සංගම්, පෞද්ගලික අංශය, ප්‍රජා පාදක සංවිධාන, ජාත්‍යන්තර සංවර්ධන ආයතන සහ තවත් බොහෝ පාර්ශවකරුවන්ගේ කණ්ඩායම්වල සහයෝගය ලැබේ.  මෙම අවස්ථාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  ප්‍රධාන නිලධාරීහුද සහබාගිවුහ.