November, 27, 2015
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව එහි ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා මධ්‍යම ප්රතිපාක්ෂිත ආයතනයක් (Central Counter Party) හඳුන්වා දෙන බවට නිවේදනය කර සිටියි. මෙම ආයතනය 100% කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි හිමිකාරීත්වය සහිත සමාගමක් වන අතර එමඟින් මුදල් පියවීම හා සුරැකුම්පත් හුවමාරුවීම සම්බන්ධයෙන් වගකීම දරමින් මධ්‍යම ආයතනයක කාර්යභාරය නිරූපණය කරයි.
කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ගනුදෙනු වන කොටස් හා ණයකර හුවමාරුවේදී බලපාන්නාවූ අවදානම් අවම කිරීමේ අදහසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව හදුන්වාදෙනු ලබන මෙම නව ක්‍රමවේදය කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. වර්තමානයේදී විකිණුම් කරුවෙකු කොටස් විකීනීමක් කරන විටෙකදී ඒ මොහොතෙදීම කොටස් ගැනුම් කරුට හුවමාරු වුවත් විකුණුම් කරුට මුදල් පියවීම සිදුවන්නේ දින තුනක් ඉක්ම ගිය පසුවයි. ඒ අනුව විකිණුම් කරුට දින තුනක පියවීම් අවදානමකට මූනදීමට සිදුවේ.
මෙතෙක් ඉතිහාසයේ කිසිඳු භාරකාර බැංකුවක් හෝ කොටස් තැරව්කාර ආයතනයක් ගෙවීම් කඩවීම් වලට පත්වී නොමැති වුවත් මෙම පියවීමේ අවදානම අවම කිරීම සඳහා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් පසුගිය වකවානුව පුරාම විවධ ක්‍රියාමාර්ගයන් ගනු ලැබූ නමුත් මේ සඳහා ලොව පිළිගත් ක්‍රමවේදය වන්නේ මධ්‍යම ප්රතිපාක්ෂික ආයතනයක් ස්ථාපනය කොට මුදල් ගෙවනු ලබන අවස්ථා වේදී සුරැකුම්පත් හුවමාරුව සිදුවීමයි. එය සුරැකුම්පත් කොමිෂන් වල ජාත්‍යන්තර සංවිධානයෙහිද නිර්දේශය වී තිබේ.
මෙලෙස නව මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීම අනෙක් අතට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව අන්තර්ජාතික මට්ටමේ කොටස් හුවමාරුවක් බවට පත්කිරීමේ ඉලක්කය පූරණය වීමකි. 1997 දී ස්වයංක්‍රීය ගනුදෙනු පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසුව වෙළෙඳපොළ යටිතල පහසුකම් නැංවීමේ දැවැන්තම පියවර මෙය ලෙස සඳහන් කළ හැකිය.
මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රථමයෙන් 2014 දී නව මධ්‍යම තැන්පතු ක්‍රම ක්‍රියාවලියක් හදුන්වාදීමත්එහි දෙවන පියවර ලෙස තැරව්කාර ආයතන වල යටිතල පහසුකම් නැංවීමත්, ඇනවුම් කළමනාකරණ පද්ධති නවීකරනයත් සිදුකිරීම 2015 වසරේදී ආරම්භ
කරන ලද අතර එය 2016 වසරේ මාර්තු මස සම්පූර්ණ වීමට නියමිතව තිබේ. මෙම ක්‍රියාවලිය වර්තමානයේ එහි තෙවන අදියරට පත්ව තිබෙන අතර එහිදී නව ආයතනයක් ස්ථාපනය කිරීමේ මූලික යටිතල පහසුකම් සේවා සපයන්නන් විමර්ශනය කිරීම, නව නීති සකස් කිරීම ආදිය සිදු කරමින් පවතී.
මධ්‍යම ප්රතිපාක්ෂික ආයතනයක් ලෙස හඳුන්වාදෙනු ලබන මෙම ආයතනය විකිණුම් කරුට ගැනුම් කරුවෙකු ලෙසත්, ගැනුම් කරුට විකිණුම් කරුවෙකු ලෙසත් ක්‍රියාකරනු ලබන අතර පෙරදී ගැනුම් කරු හා විකිණුම් කරු අතර තිබු බැඳීම වෙනුවට දෙදෙනා වෙන වෙනම නව ආයතනය සමඟ ගිවිසුම් ගත වනු ඇත.
මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීම තුළ මුදල් පියවීම පිළිබඳව පවතින අවදානමෙන් මිදීමට ආයෝජකයාට හැකියාව ලැබෙන අතර නිසැක වශයෙන්ම බේරුම්කරණය සිදුවට බවට සහතිකයක් නව ක්‍රමවේදය තුල ආයෝජකයාට ලබා දීම අරමුනයි.
මෙම ක්‍රියාවලිය හරහා වෙළෙඳපොළ වගවීම ඉහළ නැංවෙනු ඇති අතර එය කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව නැගී එන කොටස් හුවමාරුවක් ලෙස වර්ග කිරීමට පූර්ව කොන්දේසියකි. එමෙන්ම ව්‍යුත්පන්න සුරැකුම්පත් වැනි නව මූල්‍ය උපකරණ හුවමාරු කිරීම සඳහා මෙවැනි පද්ධතියක අවශ්‍යතාව පවතී. එමනිසා පියවීමේ අවදානම අවම කිරීමට අමතරව මෙම අවශ්‍යතාව පූරණය වීමත් සමඟ ශ්‍රී ලංකාව ව්‍යුත්පන්න සුරැකුම්පත් වෙළෙඳපොළට අවතීර්ණ වීමටද හැකියාව ලැබීම ඓතිහාසික සන්ධිස්ථානයකි.
ව්‍යාපෘතිය සඳහා මූලික අනුමැතිය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මඟින් ලබාගෙන තිබෙන අතර නව ආයතනය සඳහා බලපත්‍රය අනාගතයේදී ලබා දෙනු ඇත. එක්සත් රාජධානියෙහි BTA Consulting ආයතනය විසින් උපදේශන දායකත්වය ලබාදෙන අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධ බොහෝ ව්‍යාපෘතීන් සඳහා මෙම සමාගම උපදේශන දායකත්වය සලසා දී තිබේ. මෙහි මූලික අදියරෙහිදී උපදේෂන ගාස්තු ශ්‍රී ලංකා මහා බැංකුව, ශ්‍රීලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් 1/3 අනුපාතයට දරන ලද අතර අවශේෂ යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා වියදම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව විසින් දරනු ලැබේ.
මධ්‍යම ප්රතිපාක්ෂික පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය පහත අදියරයන් හරහා සම්පූර්ණ කෙරේ.
1. අවශ්‍යතා නීර්ණය හා ආරම්භක වාර්තාව.
2. මිල කැඳ වීම් හා සේවා සපයන්නන් කළමනාකරණය
3. නෛතික, නියාමන හා මෙහෙයුම්
4. සජීවී ගනුදෙනු සිදු කිරීම
5. පශ්චාත් සජීවී කාලය
මෙහි මුල් අදියර සම්පූර්ණ කොට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි සහ ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි අනුමැතිය ලබාගෙන තිබේ. දෙවන හා තෙවන අදියරයන් 2015 දෙසැම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම ව්‍යාපෘතිය 2017 ජනවාරි මස සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
Video Story