කොටස් වෙළෙඳපොළ සියයකින් පහළට. සියලු කොටස් දොළොස්දහසෙන් මෙපිටට

    December, 28, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) දිනයේ දී ඒකක 100.79 කින් පහළ යන ලදී.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාවෙන් මෙපිටට පැමිණි අතර එය ඒකක 11,907.70 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    රු. බිලියන 5.67 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

    පසුගිය දින කිහිපය තුළ සීඝ්‍ර මිල ඉහළ යාමක් වාර්තා කළ සෙන්කඩගල ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි කොටස් මිල අද දිනයේ දී රු. 964.00 සිට රු. 725.00 ක් දක්වා 24.79% ක් දැවැන්ත පහළ යාමක් වාර්තා කිරීම සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට විශාල වශයෙන් බලපාන ලදී.

    මීට අමතරව එක්ස්පෝලංකා, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, LOLC ෆිනෑන්ස් සහ වැලිබල් වන් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම සියලු කොටස් මිල දර්ශකයට සෘණාත්මක දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් කොටස් විය.