January, 3, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය 2021 වසර තුළ දී 80.48% ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.
2021 වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,774.22 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර 2021 දෙසැම්බර් 31 දින ගනුදෙනු අවසානයේ දී එය ඒකක 12,226.01 ක් ලෙසින් වාර්තා විය.
මෙය 2010 වසරෙන් පසු තනි වසරක් ඇතුළත කොටස් වෙළෙඳපොළ අත්පත් කරගත් ඉහළම වර්ධනය වේ.
යුද්ධයේ නිමාවත් සමඟම 2009 වසරේ දී 126% කින් කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය අතර 2010 වසරේ දී 96% ක වර්ධනයක් වාර්තා වී තිබුණි.
මේ අතර 2021 වසර අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 5.48 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය වසර තුළ 85.40% ක වර්ධනයකි
Video Story