January, 3, 2022
උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන්, මුදල් නීති පනතේ නියෝග යටතේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ණය ලබා දුන් දිනයේ සිට පළමු වසර 5 සඳහා ස්ථාවර පොලී අනුපාතිකයක් ද, ඉන් අනතුරුව පොලී අනුපාතය, මාසිකව සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතයට (AWPR) පදනම් අංක 200 ක අගයයක් එකතු කළ පාවෙන අනුපාතිකයක් විය යුතු බවත්, එය සෑම මාස 06කට වරක් නැවත සමාලෝචනය කෙරෙන බවත් සඳහන් වේ.
මෙම නියමයන් 2022 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙනු ඇත.

Video Story