‘කප්රුක‘ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට ඇරඹේ

    January, 6, 2022

    පසුගිය දා මූලික මහජන කොටස් නිකුතුවක් හරහා රු. මිලියන 505 ක අරමුදලක් සම්පාදනය කර ගත් කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි දිවිතියික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට දිනයේ (07) දී ආරම්භ වීමට නියමිතය.

    මූලික කොටස් නිකුතුවේ දී එකක් රු. 15.40 බැගින් කොටස් මිලියන 32.82 ක් නිකුත් කරනු ලැබූ අතර ඒ සඳහා පස්ගුණයකට වැඩි දායකත්වයක් ලැබී තිබුණු බව සමාගම නිවේදනය කර සිටියේය.

    හෙට දිනයේ දී කොටස් වෙළෙඳපාළේ ප්‍රධාන පුවරුවේ 2550 - Retailing කාණ්ඩය යටතේ කප්රුක හෝල්ඩිංග්ස් කොටස් මිලියන 164.13 ක් ලැයිස්තුගත කෙරෙනු ඇත.

    මූලික කොටස් නිකුතුවෙ හි ප්රතිඵලය පිළිබඳව සිය සතුට පළ කළ කප්රුක නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා, ''අද කප්රුක ගමනේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවාඅපගේ වර්ධනයේ කතාවේ නව පරිච්ඡේදයක් ලියන මේ අවස්ථාවේඅපගේ නව ආයෝජකයන් සහ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත නව කප්රුක පවුල වෙත පිළිගැනීමට ලැබීම මට මහත් සතුටක් සහ ගෞරවයක්අපගේ ව්යවසාය සහ ව්යාපාර ආකෘතිය කෙරෙහි විශ්වාසය තැබූ සියලුම ආයෝජකයන්ට හද පත්ලෙන් නැගෙන කෘතඥතාව පළ කරන අතරමඅපගේ සියලුම පාර්ශ්වකරුවන් වෙත කැපී පෙනෙන වටිනාකමක් ලබා දීම වෙනුවෙන් ඇති අපගේ කැපවීම නැවතත් තහවුරු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවාමෙම මූලික කොටස් නිකුතුව දක්වා අප ගිය ගමනේදී වැදගත් ප්රශ්න කිහිපයක් මතු වූ අතරඑම ප්රශ්න සතුටුදායක ලෙස විසඳීමට හැකි වීම ගැන මම සහ මගේ කණ්ඩායම සතුටු වෙනවාපැහැදිලිවමසැබෑ ආයෝජකයන් මෙම කොටස් නිකුතුවෙන් පිරිනැමෙන වටිනාකම වහාම දුටුවා."

    කප්රුක යනු කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්ය අනුකූලතා සෙවු සහ සැපිරූ පළමු විද්යුත් වාණිජ්ය ව්යාපාරය වන බැවින්සමාගමේ මූලික කොටස් නිකුතුව සහ කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත කිරීමසමාගමට පමණක් නොව සමස්ත ශ්රී ලංකික ආර්ථිකයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරයි.