වෙනෝරා ඉන්ටර්නැෂනල්, අන්තර්ජාතික ප්‍රමිති හා ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

    November, 30, 2015

    සිය විජයග්‍රාහී ගමන් මඟේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෙනෝරා ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට්ස් (පුද්) සමාගම, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රමිති හා ව්‍යාපාර ගෞරව ගෝලීය සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබීය. ඇමරිකානු කළමනාකරණ සංගමයේ හා ඇමරිකානු අලෙවිකරණ සංගමයේ සාමාජික ආයතනයක් වන OMAC (Association of Other Ways Management and Consulting) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබීය.

    වෙනෝරා සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය සාගර ගුණවර්ධන මහතා විසින් මෙම උළෙලේ දී සම්මානය ලබා ගන්නා ලදී. සම්මාන උළෙල සඳහා 50 කට අධික රටවල් ගණනකින් සමාගම් 50 කට අධික සංඛ්‍යාවක් එක් වී තිබුණි. තම ව්‍යාපාරික ගමන් මඟ තුළ අඛණ්ඩව තහවුරු කර ගෙන තිබෙන සිය සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙසින් වෙනෝරා ඉන්ටර්නැෂනල් ලැබූ මෙම සම්මානය හැඳින්විය හැකිය.

    වෙනෝරා ඉන්ටර්නැෂනල් යනු මෙරට විද්‍යුත් ඉංජිනේරුකරණ හා විදුලිසංදේශ කර්මාන්තයේ නිරත ප්‍රමුඛ පෙළේ සමාගමකි.එය 2007 වසරේ දී ICTAD EM1 කාණ්ඩ ලියාපදිංචිය ලබා ගෙන ඇති අතර ISO 9001 තත්ත්ව සහතිකය ලැබූ සමාගමකි. එය මෙරට තේ කර්මාන්තයට සම්බන්ධ කර්මාන්ත රැසක විශාල පරිමාණ විදුලි ස්ථාපන ගණනාවක් සිදුකර ඇති අතර මාලදිවයින හා සීෂෙල්ස් වැනි රටවල තවත් ව්‍යාපෘති ගණනාවක්ම දියත් කොට තිබේ.