January, 7, 2022
2022 වසරේ මුල් දින 06 තුළ දී විදෙස් සංචාරකයින් 17,400 ක් මෙරටට ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.
එය 2021 වසරේ ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව වූ 1,682 හා සැසඳීමේ දී 90.3% ක වර්ධනයක් වේ.
මෙම සංචාරකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවෙනි. එය 3,106 ක් වන අතර දෙවැනියට අසල්වැසි ඉන්දියාවෙන් සංචාරකයින් 2,930 ක් පැමිණ තිබේ.
මීට අමතරව පසුගිය දින 06 තුළ දී දහස ඉක්මවා සංචාරකයින් පැමිණ ඇති අනෙකුත් රටවල් ලෙසින් යුක්රේනය (1,761), එක්සත් රාජධානිය (1,159) හා ජර්මනිය (1,110) දැක්විය හැකිය.

Video Story