Bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය ඔස්සේ ප්ලාස්ටික් නැවත භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කළ හැකියි

    January, 18, 2022

    ආචාර්ය අමිල අබේනායක විසිනි

    වගකීම් විරහිතව ප්ලාස්ටික් බැහැර කිරීම නිසා සිදුවන පරිසර දුෂණය - විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු කරුණකි.

    මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය සංඛ්‍යා ලේඛන සංගමයට අනුව ගෝලීය වශයෙන් මෙතෙක් නිපදවා ඇති සියලූම ප්ලාස්ටික් වලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත්තේ 9%ක් පමණක් බව ගණන් බලා ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව අපි සැවොම සෑම වසරකම ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් මිලියන 300ක් පමණ භාවිතා කරන බැවින් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මන්ද එය සමස්ත ගෝලීය මානව ජනගහනයේ බරට ආසන්න වශයෙන් සමාන වන නිසාවෙනි.

    කෙසේ වෙතත් සෑම ප්ලාස්ටික් වර්ගයක්ම එක හා සමානව ප‍්‍රතිචක‍්‍රීයකරණය කල නොහැකිය Polyethene terephthalate (PET) ප්ලාස්ටික් 100% ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි වීම කැපී පෙනෙන කරුණකි. PET ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ දී ආහාර-ඇසුරුම් මූලික ලෙසම සලකනු ලබයි. විශේෂයෙන් බීම වර්ග, දෑත් සෝදන දියර, පිඟන් සේදුම් දියර ආදිය අඩංගු බෝතල් ඒ අතරින් ප‍්‍රධාන වෙයි. PET ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ ක‍්‍රියාවලිය හරහා පරිභෝජනයෙන් පසු එම බෝතල් මඟින් සිදුවන පරිසරය දුෂණය වීම අවම කරයි.

    අවශ්‍ය වෙනස්කම්

    තාක්ෂණික සම්පත් පිළිබඳ ගැටලූවක් නොමැති අතර එය දැනටමත් රට තුළ පවතී. කෙසේ වෙතත් මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා නීතිමය විධිවිධාන සහ ප‍්‍රතිපත්ති වෙනස් කිරීම්, පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහ සංවාදය, මහජන සහභාගීත්වය, මූල්‍යකරණය සහ ශක්‍යතා සංවර්ධනය ඇතුළුව සියල්ලේම සංයුක්තයක් අවශ්‍ය වේ.

    Bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට තීරණාත්මක වෙනසක් සඳහා නෛතික සහ ප‍්‍රතිපත්තිමය වෙනස්කම් අවශ්‍ය වේ. මෙය බොහෝ සංවර්ධිත රටවල සාර්ථකව ක‍්‍රියාත්මක කර ඇති සංකල්පයක් වන අතර එමඟින් නව PET බෝතලයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කල PET බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර යොදා ගැනේ.

    පාරිභෝගිකයින් විසින් භාවිතා කිරීමෙන් පසුව PET බෝතල් සඳහා පොදු අවස්ථා තුනක් ඇත; එනම් bottle-to-bottle බෝතලයෙන් බෝතලයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය, පුළුස්සා දැමීම සහ කසළ විවෘත භූමි වලට බැහැර කිරීම යි.

    මෙම විකල්ප අතරින් bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම වඩාත් සුදුසු විකල්පය බව පැහැදිලිය. එය පරිසර දුෂණය අඩු කරන අතර නව ප්ලාස්ටික් සඳහා අවශ්‍යතාවය අවම වීමෙන් කාබන් විමෝචනය අඩු කිරීම ඇතුළු තවත් ප‍්‍රතිලාභ රැසක් සහිතය.

    කෙසේ වෙතත් නීතියෙන් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ඇසුරුම් මඟින් ආහාර ආශ‍්‍රිත නිෂ්පාදන සැකසීමට ශ‍්‍රී ලංකාව තුළ අවසර නොදේ. 2010 ජූනි 29 දින අංක 1160/30 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද ප්ලාස්ටික් වලින් සාදන ලද ඇසුරුමක හෝ බහාලූමක ඇති  ඕනෑම ආහාරයක් භාවිතය තහනම් කර ඇත.

    වෙනස්කම් ඇති කිරීම

    bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය ක‍්‍රම දෙකක් හරහා සිදු කළ හැකිය. එනම් යාන්ත‍්‍රික හා රසායනික ප‍්‍රතිචක‍්‍රීයකරණයයි. යාන්ත‍්‍රික ප‍්‍රතිචක‍්‍රීයකරණය තුළ පිරිසිදු කිරීම, ඇඹරීම, නැවත උණු කිරීම සහ නැවත කැටි කිරීම ඇතුළත් වේ). මෙම ක‍්‍රමය හරහා PET ප්ලාස්ටික් සඳහා bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය 4-6 වාරයක් දක්වා කළ හැකි බව සැලකේ.

    රසායනික ප‍්‍රතිචක‍්‍රීයකරණයේදී අදාල ද්‍රව්‍යය එහි මුල් ස්වරූපයට පත් කිරීමට සහ එමගින් අලූත් නිෂ්පාදන නිපද වීම සඳහා රසායනික ක‍්‍රියාවලියක් භාවිතා කරනු ලබයි. මෙම ක‍්‍රමය මගින් නැවත නැවතත් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට ඉඩ සලසයි.

    භාවිතා කළ යුතු ප‍්‍රතිචකී‍්‍රයකරණ ක‍්‍රමයට අමතරව, විශේෂයෙන් ආහාර ආශ‍්‍රිත ඇසුරුම්කරණයේදී භාවිත කරනු ලබන ප්ලාස්ටික් අපිරිසිදු වීම පිළිබඳව සලකා බැලීම වැදගත් වේ. උදාහරණයක් වශයෙන්, ප්ලාස්ටික් සහ ඉලෙක්ට්‍රොනික වැනි අපද්‍රව්‍ය අනෙකුත් අපද්‍රව්‍ය අතර සම්බන්ධතාවයක් පැවතිය හැකිය. නමුත් සංවර්ධිත රටවලට සමාන ආකෘතීන් අනුගමනය කිරීමෙන් එවැනි ගැටළු විසඳිය හැකි බව පෙනෙන්නට තිබේ. මීට කදිම නිදසුනක් වශයෙන් යුරෝපීය සංගමය (EU) තුළ ආහාර සම්බන්ධ ද්‍රව්‍ය සඳහා භාවිත කරනු ලබන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් ලබා ගත යුත්තේ යුරෝපීය කොමිසම විසින් අවසර දී ඇති යුරෝපීය ආහාර සුරක්ෂිතතා අධිකාරිය විසින් ආරක්ෂාව සහතික කර ඇති ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාවලීන්ගෙන් පමණක් වීම පෙන්වා දිය හැකිය.

    චක‍්‍රීයකරණ ආකෘතියකට සංක‍්‍රමණය වීම

    මෙවැනි සහතිකයක් මගින් විවිධ වර්ගයේ අපද්‍රව්‍ය වෙන් කිරීම, විෂබීජ පැතිරීම වළක්වන හා ඉහළ තාක්ෂණයෙන් යුතු (sound tech-driven) ප‍්‍රතිචක‍්‍රීයකරණය සහිත ගබඩා කිරීම හා ප‍්‍රවාහනය කිරීම ඇතුලත් ගෘහස්ත අපද්‍රව්‍ය එකතු කිරීමේ ක‍්‍රමවේදයන් තහවුරු කරනු ලැබේ. මීට අමතරව ද්‍රව්‍ය ඒවායේ ආරම්භක ස්වරූපයටම නැවත පත් කරන රසායනික ප‍්‍රතිචක‍්‍රීයකරණය ඇතුලත් වෙනත් විකල්පයක් ද පවතී.

    කෙසේ වෙතත්, එවැනි උත්සාහයන් අතර සහයෝගීතාවයක් අවශ්‍ය වන අතර සියලූම පාර්ශවකරුවන් අතර ඉහළ මට්ටමේ දැනුවත්භාවයක් අවශ්‍ය වේ. පුද්ගලික අංශයේ නිෂ්පාදකයින් සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්, පාරිභෝගිකයින් සහ රජය මෙයට ඇතුළත් වේ. ජපානයේ භාවිතා කරන ලද ආකෘතිය වඩා හොඳ උදාහරණ සපයයි. මෙම ආකෘතියේ දී පාරිභෝගිකයින් විසින් භාවිතා කරන ලද ප්ලාස්ටික් බහාලූම් සහ ඇසුරුම් නිසි ලෙස වෙන් කිරීම සහතික කරන අතර නගර සභා විසින් වෙන් කරන ලද අපද්‍රව්‍ය එකතු කිරීමට පහසුකම් සපයයි. නිෂ්පාදකයින් මෙම අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කරයි. එබැවින් පද්ධතියේ සුමට ක‍්‍රියාකාරීත්වය සහතික කරන සියලූම පාර්ශවකරුවන් එක හා සමානව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

    ශ‍්‍රී ලංකාවට ද මීට සමාන සංවෘත ප‍්‍රතිචක‍්‍රීයකරණයක් (closed loop) ඇතුළත් ආකෘතියකට අනුවර්තනය විය හැකිය. මෙහි දී ප්ලාස්ටික්වල වටිනාකම රඳවා ගනු ලබන්නේ ඒවා පරිසරයට මුදා නොහැර නැවත භාවිත කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙනි. මෙය දැනට පවතින ප්ලාස්ටික් එක් වරක් භාවිත කර ඉවත දමන සාම්ප‍්‍රදායික ආකෘතියට වඩා බෙහෙවින් වෙනස්ය.

    එවැනි ආකෘතියක් ආර්ථික වශයෙන් වාසිදායක වනු ඇත. නිදසුනක් වශයෙන් සෑම වසරකම ප්ලාස්ටික් ආනයනය කිරීමෙන් අහිමි වන විදේශ විනිමය අවම කිරීම සහ සමාජීය හා පාරිසරික වශයෙන් දුෂණය සහ එහි හානිකර බලපෑම් අවම කිරීම මෙන්ම ඩෙංගු වැනි රෝග පැතිරීම අඩු වීම වැනි දේ ඇතුළත් වේ.

    එබැවින් PET ප්ලාස්ටික් bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව යොමු විය යුතුය. කෙසේ වෙතත් පෙන්වා දී ඇති පරිදි මේ සඳහා සියලූ පාර්ශ්වකරුවන්ගේ සහාය අවශ්‍ය වේ.

    ආචාර්ය අබේනායක මහතා දැනට ජපානයේ ගෝලීය පාරිසරික උපාය මාර්ග පිළිබඳ ආයතනය (IGES) සහ පාරිසරික තාක්ෂණය පිළිබඳ UNEP (CCET) ආයතනය සමඟ සහයෝගීව කටයුතු කරන IGES මධ්‍යස්ථානයට අනුයුක්ත ප‍්‍රතිපත්ති පර්යේෂකයෙකි.

    ලිපිය පිළිබඳ ඔබේ ප‍්‍රතිචාර කතුවරයා අගය කරයි. ඔබට @litterlifecycle හි Twitter හරහා සෘජුවම ආචාර්ය අබේනායක මහතා සමඟ සම්බන්ධ විය හැකිය.

    වෙබ්: www.iges.or.jp/en | www.ccet.jp

    ඡායාරූපය - නැවත වරක් ‘’අපද්‍රව්‍ය’’ ‘’සම්පත්’’ බවට පරිවර්තනය කිරීම (ජපන් උදාහරණයක්)