ව්‍යාපාර කිරීම පහසු කිරීමේ සමුළුවට එන්නැයි ජනතාවට ආරාධනා

    November, 30, 2015

    මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ව්‍යාපාර කිරීම පහසු කිරීමේ‘ සමුළුව හෙට (දෙසැම්බර් 01) පස්වරු 2 ට ආරම්භ කිරීමට නියමිතය. කොළඹ 1 ශ්‍රීමත් රසීක් ෆරීඩ් මාවතේ පිහිටි මූල්‍ය අධයයන ඇකඩමියේ (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල) සිව්වන මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරයට බලපාන ක්‍රමවේද, නීති හා රෙගුලාසි ආදිය පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේ දී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතය. මේ සඳහා එක්වන ලෙස මුදල් අමාත්‍යංශය මහජනතාවට ආරාධනය කර සිටී.

    මුදල් අමාත්‍යාංශය විසින් මෙවර මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ පස්වැනි වරටය.