තෙල් අර්බුදය මැද ලංකා IOC සමාගම දැවැන්ත ලාභයක් වාර්තා කරයි

    January, 21, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC සමාගම 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශන ඊයේ (20) දින නිකුත් කරන ලදී.

    මේ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 889.69 ක් වේ.

    මේ අතර 2021 අප්‍රේල් 01 සිට 2021 දෙසැම්බර් 31 දක්වා මාස 09 ක කාලසීමාව තුළ දී ලංකා IOC සමාගම බදු ගෙවීමෙන් රු. බිලියන 1.44 ක දැවැන්ත ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2020 අදාළ මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී රු. මිලියන 91.29 ක අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක මෙම කාර්යසාධනය සුවිශේෂී තත්ත්වයක් වේ.

    ලංකා IOC  සමාගමේ 75.12% ක කොටස් හිමිකාරීත්වය ඇත්තේ ඉන්දියාවේ, ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ් සතුවය.

    2021 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා වන ආදායම් ප්‍රකාශය පහතින් දැක්වේ.