February, 2, 2022
පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 82,327 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.
එහිදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 13,478 කි.
එසේම ඉන්දියාවෙන් 11,751 ක්, යුක්රේනයෙන් 7,774 ක්, එක්සත් රාජධානියෙන් 7,442 ක් සහා ජර්මනියෙන් 5,339 ක් වශයෙන් ජනවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි සෙසු රටවල් වේ.
පසුගිය 2021 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ගණන 194,495 ක් වේ.

Video Story