February, 8, 2022
ශ්‍රී ලංකාවේ බේරුම්කරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකය යටතේ පත් කර ඇති වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ දේශීය සහ විදේශීය ආයෝජන දිරිමත් කිරීමට හැකි වන පරිදි බේරුම්කරණ අදියරේදී මෙන්ම බේරුම්කරණ තීරණ බලාත්මක කිරීමේ අදියරේදී වර්තමානයේ පවතින බාධාවන් විසෙඳන ආකාරයේ විධිවිධාන යෝජිත පනත මඟින් පැනවීමේ අවශ්‍යතාව වැඩිදුරටත් එකී අනුකමිටුව විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව, බේරුම්කරණ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story