කොමර්ෂල් බැංකුව ණයකර නිකුතුවකට සැරසයි

    December, 1, 2015

    රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා ලැයිස්තුගත, අනාරක්ෂිත, ශ්‍රේණිගත, නිදහස් කළ හැකි, යටත් කළ හැකි, ණයකර නිකුතුවක් කිරීමට කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (30) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දීය.

    මේ අනුව රුපියල් බිලියන 5 ක වටිනාකමකින් යුතු ණයකර මුල් අදියරේ දී නිකුත් කරනු ලබන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් රුපියල් බිලියන 7 ක් දක්වා අරමුදලක් රැස් කර ගත හැකි පරිද්දෙන් මෙම නිකුතුව සිදුකිරීමට තීරණය කර ඇත.

    මීට අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ජෙගන් දුරෙයිරත්නම් මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා තිබේ.