කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්. ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

    February, 21, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (21) පස්වරු 1.44 ට මිනිත්තු 30 ක කාලයක් සඳහා අත්හිටුවනු ලැබීය.

    S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්‍රමාණයක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

    ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 540.43 කින් සහ S&P SL20 දර්ශකය ඒ්කක 207.60 කින් පහළ ගොස් තිබුණි.

    ගනුදෙනු පස්වරු 2.14ට යළි ආරම්භ වීමට නියමිත ය.