February, 24, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) දිනයේ දී ඒකක 560.71 ක පහළ යාමක් වාර්තා කළේය. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ දෙවැනි විශාලතම කඩා වැටීමයි. එනම් එය දෙවැනි වන්නේ 2021 පෙබරවාරි 02 වැනි දින ඒකක 561.75කින් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ කඩා වැටීමට පමණි.
අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,657.05 ක් ලෙසින් සටහන් විය.
S&P SL20 දර්ශකය ඒකක 3,954.12 ක් ලෙසින් වාර්තා වූ අතර එය ඒකක 197.45 කින් හෙවත් 5.21% කින් පහළ යන ලදී. අද දින ගනුදෙනු අතරවාරයේ දී S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5% ක ප්රමාණයක් ඉක්මවා පහළ යාම හේතුවෙන් පස්වරු 1.42 සිට පස්වරු 2.12 දක්වා මිනිත්තු 30 ක කාලසීමාවක් සඳහා ගනුදෙනු අත්හිටුවීමක් ද සිදුකෙරුණි.
රු. බිලියන 3.71 ක පිරිවැටුමක් අද දින ගනුදෙනු හරහා වාර්තා විය.
Video Story