චයිනා මර්චන්ට්ස් සමූහයේ පුණ්‍ය පදනම වෙතින් අක්ෂිපටල ශල්‍යකර්ම වැඩසටහනක් සඳහා ලංකාවට රුපියල් මිලියන 8 ක අනුග්‍රාහකත්වයක්

    December, 3, 2015

    නොමිලේ අක්ෂිපටල ශල්‍ය කර්ම 150 ක් සිදුකරන C Blue Restore Sight වැඩසටහන වෙනුවෙන් අක්ෂිවේදීන්ගේ සංගමය සමග අත්වැල් බැඳගනී

    ශ්‍රී ලංකාවේ තුන්වන බහාලූම් පර්යන්තය වන කොළඹ ජාත්‍යන්තර බහාලූම් පර්යන්තයේ (CICT) ප්‍රධාන කොටස්කාර සමාගම වන චයිනා මර්චන්ට්ස් ගෘෘප් (CMG) සමූහය විසින් නව ප්‍රජා සත්කාරක වැඩසටහනක් මගින් ශ්‍රී ලාංකිකයින් 150 දෙනෙකුට පෙනීම වර්ධනය කර ගැනීමට උපකාර කරන බව නිවේදනය කර ඇත.

    මෙම වැඩසටහන සඳහා වන අවබෝධතා ගිවිසුමට CMG සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන චයිනා මර්චන්ට් පුණ්‍ය පදනම සහ ශ්‍රී ලංකා අක්ෂිවේදීන්ගේ සංගමය අත්සන් කළේය. මෙම ගිවිසුමට අනුව කොළඹ ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිත අක්ෂිපටල ශල්‍ය කර්ම 150 ක් සඳහා අවශ්‍ය වන ඉන්ට්‍රාඔකියුලර් කාච සහ කාටි්‍රඩ්ජ් ප්‍රදානය කිරීමට ක‍ඵඨ ඉදිරිපත් වී තිබේ.

    මෙම ප්‍රදානය රුපියල් මිලියන 8.2 ක පමණ (ඇමරිකානු ඩොලර් 60,000 ක්) වටිනාකමක් ගන්නා අතර ජාතික අක්ෂි රෝහලේදී සිදුකරන ශල්‍ය කර්ම සඳහා ජාත්‍යන්තර වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහායද මෙරට වෛද්‍ය කණ්ඩායම් වලට එක්කිරීමට CMG සමූහය කටයුතු කර ඇත.

    මෙම සංධිස්ථානාත්මක වැඩසටහන පිළිබඳව නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවට සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ මෙරට සිටින චීන තානාපති, යි සියන්ලියන්ග් මහතා සහභාගී විය.

    මෙම අවබෝධතා ගිවිසුමට නිළ වශයෙන් අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ චයිනා මර්චන්ට්ස් ගෘෘප් හි සභාපති සහ අධ්‍යක්ෂ මෙන්ම චයිනා මර්චන්ට් පුණ්‍ය පදනමේ ගෞරවණීය අධ්‍යක්ෂ, ලි සියාඕපෙන්ග් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිදුකරන මෙම වැඩසටහන C Blue Restore Sight Project යනුවෙන් නම්කර තිඛෙන බවයි. මෙම වැඩසටහන චයිනා මර්චන්ට් පුණ්‍ය පදනම විසින් ගෝලීය වශයෙන් සිදුකරන සෞඛ්‍ය, අධ්‍යාපනික, දුප්පත්කම දුරැලීමේ සහ පාරිසරික වැඩසටහන් අතර කැපී පෙනෙන වැඩසටහනක් යැයි හෙතෙම සඳහන් කළේය.

    “zචයිනා මර්චන්ට් පුණ්‍ය පදනම විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන C Blue Restore Sight Project නැමති වැඩසටහන නිළ වශයෙන් දියත් කිරීම නිවේදනය කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම වැඩසටහනේ මුල් අදියරේදී අපි අක්ෂිපටල ශල්‍ය කර්ම 150 ක් වෙනුවෙන් සහයෝගය ලබාදෙනවා. දෙවනුව අපි ශ්‍රී ලංකාවේ අක්ෂි සෞඛ්‍ය සේවාවන් සහ අක්ෂි වෛද්‍ය කටයුතු වර්ධනය කිරීමට අඛණ්ඩව අවධානය යොමුකිරීමට සූදානම්. අපේ අරමුණ වෙන්නේ පෙනීම අවශ්‍යවන බොහෝ දෙනෙකුට පෙනීම ලබාදීමයි“, යනුවෙන් ලි සියාඕපෙන්ග් මහතා පැවසීය.

    “අක්ෂි රෝග වලින් පීඩාවට පත්වූ ජනතාවගේ එවැනි අවශ්‍යතා සපුරාලමින් දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අවශ්‍ය සියළු උත්සාහයන් කිරීමට අපි සූදානම්“, යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “මෙම පොදු වටිනාකම් සහ අරමුණු මගින් චයිනා මර්චන්ට්ස් සමූහය සහ ශ්‍රී ලංකාව අතර තිඛෙන අනෝන්‍ය අවබෝධය ශක්තිමත් වෙමින් ශක්තිමත් බැඳීමක් ඇති වෙනවා.“

    මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අක්ෂිවේදීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “ඉන්ට්‍රා ඔකියුලර් කාච අවශ්‍යතාවය තිඛෙන රෝගීන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳ තක්සේරුවක් ජාතික අක්ෂි රෝහල විසින් සිදුකර ඒ පිළිබඳ ලේඛණයක් පවත්වාගෙන යනවා. පරිත්‍යාගශීලීන්ට අවශ්‍යතා සහිත රෝගීන් මෙම ලේඛනය මගින් හඳුනාගෙන ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට කෙලින්ම එම පරිත්‍යාග කරන්න පුළුවන්. මේ ආකාරයේ විශාල පරිත්‍යාග තුළින් අදාළ ලැයිස්තුවල සිටින රෝගීන්ගේ අක්ෂි ශල්‍ය කර්ම ප්‍රමාදවීම අපිට අඩුකර ගැනීමට හැකියි. මේ අනුව, මෙම කරුණාවන්ත පරිත්‍යාගය සිදුකළ චයිනා මර්චන්ට්ස් ගෘෘප් සමූහයට සහ එයට මඟ පාදා දුන් CICT සමාගමට අපි ස්තූතිවන්ත වෙනවා.“

    ඡායාරූපය - අනුග්‍රාහක චෙක්පත පිරිනමන අවස්ථාව