March, 1, 2022
ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම අද (01) දිනයේ දී සිය කර්මාන්ත ශාලා 14 ක කටයුතු හදිසියේම අත්හිටුවීමට පියවර ගන්නා ලදී.
මෙහිදී ටොයෝටා හි අනුබද්ධ සමාගම් වන Hino Motors සහ Daihatsu Motor හි ජපානයේ ඇතැම් කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු ද නවත්වා තිබේ.
Toyota සමාගමේ ප්රධාන සැපයුම්කරුවකු වන Kojima Industries හි අමතර කොටස් සැපයුම් කළමනාකරණ පද්ධතියට බාධා පමුණුවමින් එල්ල වී ඇති සයිබර් ප්රහාරයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සමාගම කටයුතු කර තිබේ.
කෙසේවෙතත් හෙට (02) දිනයේ දී සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව Toyota සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story