March, 8, 2022
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් - 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්ථික ප්රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මඟින් මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන "ආර්ථික සභාව" සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ලැබ ඇත.
එම සභාවේ උපදෙස් හා මග පෙන්වීම් අනුව අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවේ රැස්වීම් සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්රයන්හි ප්‍රාමාණික විද්වතුන් කැඳවීමටත් ජනාධිපතිවරයා විසින් ගනු ලැබීමට අපේක්ෂිත පියවරයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී. ඒ අනුව, ආර්ථික සභාවේ සංයුතිය පහත සඳහන් පරිදි වනු ඇත.
* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (සභාපති)
* අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
* වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
* මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
* මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
* කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
* වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ
* ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
* ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්
* භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල
* ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර
Video Story