March, 10, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා කරන ලද විශාලතම වර්ධනය අද (10) දින සනිටුහන් කරන ලදී.
මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 692.35 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 10,856.07 ක් දක්වා වර්ධනය විය. එය 6.81% ක ඉහළ යාමක් වේ.
එසේම S&P SL20 දර්ශකය ද ඉතිහාසයේ තනි දිනක් තුළ විශාලම වර්ධනය සනිටුහන් කරමින් ඒකක 292.89 ක ඉහළ යාමක් අද දින වාර්තා කරන ලද්දේ 8.52% ක වර්ධනයක් සමඟිනි.
මේ අතර රු. බිලියන 3.57 ක පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත් 2022 වසරේ අද දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී සියලු කොටස් මිල දර්ශකය 11.21% ක හා S&P SL20 දර්ශකය 11.86% ක පරිහානියක් වාර්තා කර තිබීම මෙහිදී විශේෂයෙන් අවධානයට ගත යුතු වේ.
පසුගිය ගනුදෙනු දින 17 තුළ දී සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම් වාර්තා වී තිබුණු දින 5 කදී පමණි.
Video Story