March, 15, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් 2022 මාර්තු මස 09 සිට 14 දින දක්වා පැවැත්වූ ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය හරහා එක්සත් ජනපද ඩොලර් මිලියන 152.54 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබී ඇත.
ඩොලර් මිලියන 50 ක ප්රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු ද, ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසා සිටියේ හිතකර වෙළෙඳපොළ ප්රතිචාර මත පිළිගන්නා ප්රමාණය අමතරව තුන් ගුණයකින් ඉහළ නැංවීමේ හැකියාව ඇති බවයි.
මේ අනුව තරඟකාරී ලංසු මඟින් තීරණය වූ ස්ථාවර පොලී අනුපාතිකයන් යටතේ මාස 06 කල්පිරීමේ කාලය සඳහා ඩොලර් මිලියන 162.54 ක හා වසර 01 ක කල්පිරීමේ කාලය සඳහා ඩොලර් මිලියන 2.50 බැගින් වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් වී තිබුණි.
කෙසේවෙතත් මාස 06 ක පරිණත කාලය සඳහා ලැබුණු ලංසුවලින් ඩොලර් මිලියන 152.54 ක ලංසු පිළිගැනීමට ශ්රී ලංකා මහ බැංකුව මෙහිදී පියවර ගන්නා ලදී.

Video Story