ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල වාර්තාගත ලෙස පහළට

    March, 16, 2022

    ලෝක වෙළඳපොලේ බෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අද වන විට ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇති අතර එය වාර්තා වන්නේ ඩොලර් 98ක් ලෙසයි.

    සති දෙකකට පසු බොර තෙල් මිලේ වාර්තා වූ අඩුම අගය එයයි.

    විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට බොර තෙල් මිල අඩු වීමට හේතුව වී ඇත්තේ පසුගිය දින කිහිපය තුළ, රුසියාව සහ යුක්රේනය අතර පැවති සටන් විරාම සාකච්ඡාවල ප්‍රතිඵල සහ නැවතත් චීනයේ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ චීනයේ බොර තෙල් ඉල්ලුම අඩු වනු ඇතැයි අපේක්ෂා කිරීම ඇතුළු සාධක ගණනාවකි.

    මෙලෙස ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල අඩු වීමෙන් ලැබෙන වාසිය ජනතාවට ද ලබා දීමට කටයුතු කළ යුතු බව ද විශ්ලේෂකයන් වැඩි දුරටත් පෙන්වා දෙයි.