December, 5, 2015
ඉන්දීය නිෂ්පාදන ඇතුළත් India Sourcing වෙළඳ ප්‍රදර්ශනය කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී 2015 දෙසැම්බර් මස 8 දා සිට 12 දක්වා පැවැත්වේ. එය ඉන්දීය රජයේ වෙළඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය අංශයේ ඉන්දීය වෙළඳ ප්‍රවර්ධන සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව සංවිධානය කෙරේ.
ඉන්දියාවේ වෙළඳ ප්‍රවර්ධන සංවිධානයේ සාමාන්‍යාධිකාරී මීරා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “ඉන්දීය රජයේ ප්රමුඛ වෙළඳ ප්‍රවර්ධන නියෝජ්‍ය ආයතනය වන ඉන්දීය වෙළඳ ප්‍රවර්ධන සංවිධානය විසින් මෙම වෙළඳ ප්‍රදර්ශන සංවිධානය කිරීම කාලීන අවශ්‍යතා අනුව ගත් පියවරකි. ඉන්දීය නිෂ්පාදකයෝ විශාල පිරිසක් මෙම ප්‍රදර්ශනයට එක්වෙති. ඉන්දියාවේ කර්මාන්ත අංශයේ විවිධ සැපයුම්කරුවන් 100 කට වැඩි පිරිසක් සහභාගී වෙමින් ශ්‍රී ලංකාවේ වෙළඳපොලේ ඉන්දීය නිෂ්පාදන සඳහා වර්ධනය වෙමින් පවතින ඉල්ලූම සපුරාලීමට ඔවුන් සතු හැකියාව පෙන්නුම් කරනු ඇත. ශ්‍රී ලංකාවේදී ප්‍රථමවරට පැවැත්වෙන මෙම India Sourcing ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ඉන්දීය වෙළඳ ප්‍රදර්ශනය ද වේ.“
ශ්‍රී ලංකාවේ සමුළු කාර්යාංශය සහ ජාතික වාණිජ මණ්ඩලය ද අනුමත කර ඇති මෙම ප්‍රදර්ශනයේ හවුල්කාර ප්‍රාන්තය වන්නේ ඔඩිසා ප්‍රාන්ත ආණ්ඩුවයි.
මෙම India Sourcing ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙන නිෂ්පාදන වන්නේ ඉංජිනේරු භාණ්ඩ, යටිතල පහසුකම්, පතල් කැනීම හා ඉදිකිරීම් උපකරණ, මෘදුකාංග සහ තොරතුරු තාකෂණය, රෙදිපිළි හා නිමි ඇඳුම්, ගෘහභාණ්ඩ හා අත්කම් රෙදිපිළි, සම් භාණ්ඩ නිෂ්පාදන, රසායනික සහ ඖෂධ, අත්කම් භාණ්ඩ හා ස්වර්ණාභරණ, ආහාර සහ හෝටල් කර්මාන්ත නිෂ්පාදන මෙන්ම සමුද්‍ර නිෂ්පාදන ආදියයි.
India Sourcing 2015 ප්‍රදර්ශනයේ වැදගත්කම පිළිබඳව අදහස් පළකරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආර්ථීක හා වාණිජ කටයුතු පිළිබඳ පළමු ලේකම් කාර්තික් පණ්ඩේ මහතා මෙසේ පැවසීය. “ඉදිරියේදී India Sourcing ප්‍රදර්ශනය පැවැත්වීම ගැන අපි සතුටුවෙමු. India Sourcing 2015 ප්‍රදර්ශනය විවිධ නිෂ්පාදන මිළදී ගැනීමට අපේකෂා කරන අයට ඉන්දියාවේ උසස් තත්වයේ නිෂ්පාදන සැපයුම්කරුවන් සමඟ සම්බන්ධවීමට සහ ඉන්දියාවේ නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය පෙන්නුම් කිරීමට මහඟු අවස්ථාවක් නිර්මාණය කරයි. ඉදිරි වසර කිහිපය තුළ කොළඹ වැදගත් ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීමට ක්‍රියා කරන බැවින් එම ගමනේ හවුල්කරුවන් වීමට අපි සතුටින් පසුවෙමු.“
මීරා මහත්මිය තවදුරටත් පැවසුවේ “India Sourcing ට 2015 ප්‍රදර්ශනය ගැනුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ඉතා වැදගත්වන අවස්ථාවකි. ප්‍රදර්ශනය විවිධ නිෂ්පාදන මිළදී ගැනීමට අපේකෂා කරන අයට ඉන්දියාවේ උසස් තත්වයේ නිෂ්පාදන සැපයුම්කරුවන් සමඟ සම්බන්ධවීමට සහ ඉන්දියාවේ නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය පෙන්නුම් කිරීමට මහඟ= අවස්ථාවක් නිර්මාණය කරයි. අපි කොළඹට පැමිණ වෙළඳ හවුල්කාරිත්වයන් වර්ධනය කරගැනීමේ කැමැත්තෙන් පසුවෙමු. ඉදිරි වසර කිහිපය තුළ කොළඹ වැදගත් ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට දරන උත්සාහයේ හවුල්කරුවන් වීමට අපි සතුටින් සිටිමු.“
මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාවට ඉන්දියාවේ ඉහලපෙළේ සැපයුම්කරුවන් පිරිසක් හමුවීමට මහඟු අවස්ථාවක් ලැඛෙයි. ව්‍යාපාරිකයන්ට ඔවුනොවුන් මුණගැසීමට සහ සාකච්ඡා පැවැත්වීමේ සැසිවාර ද සංවිධාන කෙරේ. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන්ට මෙරට හවුල්කරුවන් වන සීමාසහිත එම්පී ඉවෙන්ට්ස් ලංකා (පෞද්ගලික) ආයතනයෙන් සැලසුම් කොට ඇති සාකච්ඡා ගැන තොරතුරු ලබාගත හැකිය.
Video Story