December, 7, 2015
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණයේ තවදුරටත් ක්‍රමික වර්ධනයක් සනිටුහන් වන බව රජය විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වේ. මේ අනුව පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ ප්‍රමාණය 20.4% කින් වර්ධනය වී තිබේ.
2014 නොවැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ ප්‍රමාණය 119,727 ක් වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී වාර්තා වන එම අගය 144,147 ක් වේ. මෙය 20.4% ක වර්ධනයකි. තවද වසරේ පළමු මාස 10 තුළ වාර්තා වන පරිදි 1,592,266 ක සංචාරකයින් ගණනක් මෙරටට පැමිණ තිබෙන අතර 2014 වසරේ පළමු මාස 10 තුළ මෙරටට පැමිණ ඇති 1,348,481 ක්වූ සංචාරකයින් ගණන සසඳා බලන කල මෙය 18.1% ක ඉහළ යාමකි.
එසේම මෙම වසරේ පළමු මාස 11 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව, පසුගිය වසර පුරාවටම පැමිණි සංචාරකයින් ගණන වූ 1,527,153 ද ඉක්මවා තිබීම විශේෂත්වයකි.
මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම හරහා මෙම වසරේ පළමු මාස 10 තුළ දී ඇමරිකානු ඩොලර් මිලියන 2,305.3 ක ආදායමක් මෙරටට ලැබී තිබෙන අතර පසුගිය වසරේ මුල් මාස 10 තුළ සංචාරක ඉපයීම් අගය වූ ඩොලර් මිලියන 1,956.1 හා සැසඳීමේ දී මෙය 17.9% ක වර්ධනයකි.
මෙම වසරේ මුල් මාස 11 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නැගෙනහිර ආසියානු කලාපීය රටවලින් 31.4% ක්, චීනයෙන් 68.9% ක් හා දකුණු ආසියානු රටවලින් 23.9% ක් යන අගයන්ගෙන් වර්ධනය වී තිබේ. මේ අතර නැගෙනහිර යුරෝපියානු සංචාකරයින්ගේ මෙරට පැමිණීම අදාළ කාලපරිච්ඡේදය තුළ දී 3.7% කින් පහළ බැස තිබේ.
Video Story