March, 22, 2022
රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කිරීමට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෝලීය නීති සමාගමක් පත් කර ගැනීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී.
මේ අතර ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඊයේ (21) දින ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන අතර එහිදී මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම අවධාරණය කර තිබේ.
උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා 05 පහතින් දැක්වේ .
Video Story